මං අහන්නෙ ශ්‍රී fm


ඔයාලා හැමොම එකපාරක් හරි ටෙලිවිෂන් එකේ යන මේ ඇඩ් එක දැක්කද? අනේ මන්දා ලංකාවෙ බහුතරයක් මාධ්‍ය වලට මොන යකා වැහිලද කියල. වැඩිම පිරිසක් අහන ජනප්‍රියම නාලිකාව වෙන්න අහන මිනිස්සුන්ට මේ වගෙ අල්ලස් දීල පුලුවන් කියල වෙන්නැති හිතාගෙන ඉන්නෙ…
ඒ ඔක්කොටම හපන් මෙ ඇඩ් එකෙ කියනව ගේ ඉස්සරහ බොඩ් එකකුත් එල්ලලා පාරටම ඇහෙන්න රේඩියොවත් දාන්නලු. බොඩ් එකනම් බෙල්ලෙ එල්ලගෙන හිටියත් කමක් නෑ ඒත් පාරටම ඇහෙන්න රේඩියො එක දාන්න කියන්නෙ අහල පහල මිනිස්සු බීරො කියල හිතාගෙනද???

අම්මපා තාමත් මේ ඇඩ් එක ගැන කිසිම කෙනෙක් කටක් හොල්ලලා නෑනෙ. හෙට අනිද්දා සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙන ළමයෙක් අහල පහල ගේක ඉන්නවනම් මේ රේඩියො කෙලිය මොන වදයක්ද…?

අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නොසෑහෙන්න කතාකරන යුගයක මාධ්‍ය මගින් සමාජයට ඉටුවියයුතු යුතුකම් තුට්ටුවකටවත් මායිම් නොකර තමුන්ගෙ කසිකබල් චැනල් එක රේටින්ග් වලින් මොන විදිහකින් හරි ඉහලට ගන්න හදන මේ වගෙ පහත් මාධ්‍ය ආයතන වලට මොනවිදිහකින් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක බලධාරින්ගෙ යුතුකමක් නේද?

Published in: on December 7, 2010 at 4:21 pm  Comments (1)