මං අහන්නෙ ශ්‍රී fm



ඔයාලා හැමොම එකපාරක් හරි ටෙලිවිෂන් එකේ යන මේ ඇඩ් එක දැක්කද? අනේ මන්දා ලංකාවෙ බහුතරයක් මාධ්‍ය වලට මොන යකා වැහිලද කියල. වැඩිම පිරිසක් අහන ජනප්‍රියම නාලිකාව වෙන්න අහන මිනිස්සුන්ට මේ වගෙ අල්ලස් දීල පුලුවන් කියල වෙන්නැති හිතාගෙන ඉන්නෙ…
ඒ ඔක්කොටම හපන් මෙ ඇඩ් එකෙ කියනව ගේ ඉස්සරහ බොඩ් එකකුත් එල්ලලා පාරටම ඇහෙන්න රේඩියොවත් දාන්නලු. බොඩ් එකනම් බෙල්ලෙ එල්ලගෙන හිටියත් කමක් නෑ ඒත් පාරටම ඇහෙන්න රේඩියො එක දාන්න කියන්නෙ අහල පහල මිනිස්සු බීරො කියල හිතාගෙනද???

අම්මපා තාමත් මේ ඇඩ් එක ගැන කිසිම කෙනෙක් කටක් හොල්ලලා නෑනෙ. හෙට අනිද්දා සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙන ළමයෙක් අහල පහල ගේක ඉන්නවනම් මේ රේඩියො කෙලිය මොන වදයක්ද…?

අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නොසෑහෙන්න කතාකරන යුගයක මාධ්‍ය මගින් සමාජයට ඉටුවියයුතු යුතුකම් තුට්ටුවකටවත් මායිම් නොකර තමුන්ගෙ කසිකබල් චැනල් එක රේටින්ග් වලින් මොන විදිහකින් හරි ඉහලට ගන්න හදන මේ වගෙ පහත් මාධ්‍ය ආයතන වලට මොනවිදිහකින් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක බලධාරින්ගෙ යුතුකමක් නේද?

Advertisements
Published in: on December 7, 2010 at 4:21 pm  Comments (1)  

The URI to TrackBack this entry is: https://ekayaka.wordpress.com/2010/12/07/%e0%b6%b8%e0%b6%82-%e0%b6%85%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-fm/trackback/

RSS feed for comments on this post.

One CommentLeave a comment

  1. කතාව නම් මසුරං ..මෙච්චර කල් මමත් මේ දැන්වීම දැක්කා / ඇහුවා ඒත් මට ඒතරම් ගානක් ගියේ නෑ ..මෙයාලගෙන් පුරුදුවෙලා තව අය මේ වැඩේ කරනවා ..

    ගෙවල් ඉස්සරහා බෝඩ් එල්ලගෙන ! සද්දේ දමාගෙන මොනාද දන්නේ නෑ බලාපොරොත්තු වෙන්නේ ..

    හැමෝම නොදැක්ක පැත්තක් ඔයා ලියලා තියෙන්නේ නියමයි !

    ජයවේවා !!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: