පදවිප්‍රාප්තිය…!

දැන් කොළඹ නගරෙ ගජරාමෙට ලැහැස්ති වෙනවනෙ අපෙ ජනාධිපතිතුමාගෙ පදවිප්‍රාප්තියට. ඇම්බැට්ටයො ටික ලකුනු දාගන්න බැහැලම වැඩ. හරියටම බැලුවොත් මේ වගෙ වැඩ නිසා අන්තිමට වෙන්නෙ අපි වගේ සාමාන්‍ය මහජනතාව අසීරුතාවට පත්වෙන එක. මේ වගෙ දෙයක් සමරන්න එපා කියන්න තරම් මගෙ මොලෙ දේශපාලන උනෙන් කුරුවල් වෙලා නෑ. මහින්ද මහත්තය අපේ රටට අමතක නොවෙන වැඩකොටසක් කරපු නායකයෙක්. ඒක අපි කවුරුත් පිලිගන්නවා. ඒත් වැඩේ වෙලාතියෙන්නෙ රටෙයි අපෙයි මොන කරුමෙකටද මන්දා මෙතුමා යන්නෙ දැන් wrong side නේ.

ඔතනට එන කවුරුත් තමන්ට කියල යමක් කරගන්න එක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් ආයෙ වෙනසක් නෑ එහෙමම තමයි. එහෙම කියල  මෙවගේ අසීමාන්තිකව ඒක කේන්ද්‍රීයව බලය පාවිච්චි කරන එක හරිම වැරදියි. මම අද ප්‍රවෘත්තියක් දැක්ක පස්සරදි “දෙබිඩියිඩො” නාට්‍යයෙ පොස්ටර් අලවපු කට්ටියක් පොලීසියෙන් අල්ලගෙන. පොලීසියෙන් කියල තියෙන්නෙ පදවිප්‍රාප්තියෙ ප්‍රචාරක පොස්ටර් ඇරෙන්නෙ වෙන පොස්ටර් ඇලවීම තහනම්ලු. අනේද කියන්නෙ…

Published in: on November 17, 2010 at 3:54 pm  Leave a Comment